Connect with us

පුවත්

පිරිමින් සම්බාහනය ගැහැනුන්ට පුලුවන් බව සිසිර කියයි!

Published

on

පිරිමින් සම්බාහනය ගැහැනුන්ට තහනම් යැයි පළව ඇති පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසීය.

අමාත්‍යවරයා කියා සිටින්නේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් යනුවෙන් තනතුරක් කොහෙවත් නොමැති බවත්, එම නිසා අදාළ පුවත පල කර ඇත්තේ එම පුද්ගලයා පදනම් කරගෙන බැවින් එය අසත්‍ය බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“මෙවැනි අසත්‍ය ප්‍රකාශ සමාජගත කිරීම වැරැදියි.

එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

ඉතාම සාවද්‍ය පුවතක්.

මේක සංචාරක ව්‍යාපාරයටත් බලපානවා. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය අභිවෘද්ධිය වෙනුවෙන් පියවර ගනිමින් සිටින මොහොතේ මෙවැනි පුවත් පළකිරීම ගැන කනගාටුයි.

මේ අතර මේ සංවාදයට මුල්වූ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවසීය.

“මෙවැනි අසත්‍ය ප්‍රකාශ විවිධ අවස්ථාවලදි ඉදිරිපත් වෙනවා. මොකක්ද මේ මාධ්‍ය සදාචාරය. මේ ගැන අපි විටින් විට කතා කර තිබෙනවා. නමුත් පවත්නා නීති ප්‍රතිපාදන තුළවත් ඊට අදාළව ක්‍රියාකරලා නැහැ. මෙවැනි අසත්‍ය පුවත් නිසා ජාතික පුවත්පත්වල වටිනාකම පවා අහිමි වෙනවා. මේ ගැන අවධානය යොමු කරන්න. සත්‍යය ප්‍රකාශ කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. අමු අමුවේ අසත්‍ය ප්‍රකාශ කරනකොට ඒකට ඉඩ දීලා වගකිව යුතු අයත් නිහඬව ඉන්නවා නම් මාධ්‍ය සදාචාරය ගැන කතා කිරීම වැඩක් නැහැ. පුවත්පත් මණ්ඩලයට ගියාම කනගාටුව පළ කරන්නෙ අටවැනි පිටුවේ. ඒකත් ගිනිපෙට්ටියක් තරමට. නියත වශයෙන්ම මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමර්ගයක් ගත යුතුයි.”

මේ පුවත මුලින්ම පළ කර තිබුණේ අරුණ පුවත්පත මගිනි.

එසේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ 28ක්  ඉන්දීය සමාගමක් හරහා ලංකාවට ගෙනඒමට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා උත්සාහ කරන බව මුලින්ම හෙළිකරනු ලැබුවේ එම පුවත්පත විසිනි.

කෙසේවුවද, රඹුක්වැල්ල මහතා කෞෂිකා ෆාර්මසූටිකල් නම් සමාගමක් හරහා මෙම ඖෂධ ගෙනඒමට පසුගියදා ඉන්දියාවට ගොස් තිබූ අතර ඒ සඳහා බර පැන දරා තිබුණේද අදාළ සමාගම විසින් බවට කසුකුසුවක් පැවැතිණි.

සබැඳි පුවත්
පිරිමි සම්බාහනය කිරීම කතුන්ට තහනම් !

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved