බොරලැස්ගමුව පිල්ලෑව විහාරස්ථානයේ දේවාලයේ සේවය කරන කපුවෙකු මත්කුඩු මිලිග්‍රෑම් 150ක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙනඇත්තේ පිළීයන්දල කොළමුන්න, ආටිගල මාවතේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගය පරිදි, මත්ද්‍රවය හා සොරකම් පාලනය කිරීම සඳහා යොදවා ඇති විශේෂ පොලිස් සෝදිසි මෙහෙයුම් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේදී සිදු කල හදීසි සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මිලදීගෙන යතුරුපැදියකින් යමින් සිටි සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කපුවා තදින්ම හෙරොයින් හා අයිස් මත්ද්‍රවය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවත් දේවාලයේ රාජකාරි කටයුතු වල යෙදී සිටියදී පවා කිසිවෙකුට සැක නොසිතෙන අයුරින් සුදු පැහැ සරමක් සහ කමිසයක් හැඳ යතුරුපැදියෙන් ගොස් මත්ද්‍රව්‍ය මිලදීගෙන විහාරස්ථානයට ගෙනවිත් පානය කරන බව පොලිසිය පවසයි.
සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.