Connect with us

පුවත්

පිල්ලෙයාන් අදත් CIDයට

Published

on

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (22) දිනයේත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව එලෙස ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලබයි.

පෙරේදා (20) දිනයේත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි අතර එහිදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පවසා ඇත්තේ දමිළ භාෂාවෙත් සිය ප්‍රකාශය ලබාදීමට අවශ්‍ය බවය.

ඊට අදාළ භාෂා පරිවර්තන කටයුතු සූදානම් කිරීමෙන් පසු අද දිනයේ ඔහුට පැමිණෙන ලෙස දැනුමී තිබේ.  

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව ඉකුත් වසරේ ජුනි මස 08 වනදා ආන්දෝලනාත්මක විඩියෝවක් විකාශය කලේය.

විනාඩි 50කට ආසන්න කාලයක් විකාශය කෙරුණු අදාළ වීඩියෝවේ සම්මුඛ සාකච්ඡා සඳහා එක්වෙමින් තොරතුරු ඉදිරිපත් කර තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ස්විට්සර්ලන්තයේ රැඳී සිටින අසාද් මවුලානා නැමැත්තෙකි.

අනතුරුව අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සොයාබලන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී තිබු අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කලේය.

ඒ අනුව, එකී විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉකුත් 12 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

කෙසේ වෙතත්, එදින හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අතර ඔහු සිය නීතිඥයින් මාර්ගයෙන් ප්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ඉල්ලා තිබුණි.

ඒ අනුව පෙරේදා දින යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී තිබු අතර එදින පෙරවරු 9.30ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading

පුවත්

ශෂීන්ද්‍ර  අල්ලස් කොමිසමට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved