පුවත්

පිලිපීන කතක් සැමියා හා දීග කන්න බෑ කියා බුලත්සිංහල පොලිසියට ගිහින්

Published

on

සිය ශ්‍රී ලාංකික සැමියා හිරිහැර කරන බව පවසමින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ (26) ඇමතුමක්දී පිලිපීන ජාතික දෙදරු මවක් පොලිසියට පැමිණ සිය සැමියා සමග යලි දීග කන්න නිවසට යාමට නොහැකි බව කියමින් පොලිසියේ නතර වී ආරක්ෂාව ඉල්ලා සිටීමේ පුවතක් බුලත්සිංහල පොලිසියෙන් වාර්තා වේ.

බුලත්සිංහල කඳන්වාඩිය අක්කර 50 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මීට වසර පහකට පමණ පෙර පිලිපීනයේ සේවයට ගිය අවස්ථාවේ මෙම පිලිපීන ජාතික කාන්තාව හා ඇතිකර ගත් ප්‍රේම සම්බන්ධතාවක් මත මෙරටට පැමිණ ශ්‍රී ලාංකික නීතියට අනුව විවාහ වී කඳන්වාඩිය ප්‍රදේශයේ පදිංචිව තිබේ.

අද වන විට ඔවුන් දෙදෙනාට වයස අවුදු 5ක ගැහැණු දරුවෙක් සහ අවුරුදු 2ක පිරිමි දරුවෙක් සිටින බවද පොලිසිය පැවසීය.

දැනට 40 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඉකුත්දා බුලත්සිංහල පොලියට පැමිණ පවසා ඇත්තේ තම සැමියා නිතර හිරිහැර කර ආරවුල් ඇතිකරන බවත්, එම නිසා ඇයට යලි තම නිවසට යා නොහැකි බවය.

පසුව මේ පිළිබඳව අවදානය යොමු කළ බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරයා කාන්තා පොලිස් නිලධාරිනියකගේ ආරක්ෂාව යටතේ ඇය පොලිසියේ රඳවා තබාගෙන පසුව දා ඇයගේ 33 හැවිරිදි ශ්‍රී ලාංකික සැමියා පොලිසියට ගෙන්වා දෙපාර්ශවයටම අවවාද කොට සිය දරුවන් වෙනුවෙන් සමාදාන වී ඔවුන් සමග සතුටින් කාලය ගතකරන ලෙස දන්වා ⁣දෙදෙනා සමථයකට පත්කර යලි නිවසට යැවීමට කටයුතු කළ බව වාර්තා වේ.

Trending

Exit mobile version