Connect with us

පුවත්

පුංචි ඡන්දයට දිනේ අද කියයි?; ඡන්දෙ කල් දාන ‘දැන්වීමේ’ දිනය හිස්

Published

on

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (03) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණය මෙමස 09 වැනිදා පැවැත්වීමට නියමිතව පැවතියද, මැතිවරණයට අදාළව මුදල් නොලැබීම සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාදවීම හේතුවෙන් මැතිවරණය කල් දැමීමට ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

ඒ අනුව, දින 21 කට නොඅඩු කාලයක් සඳහා මැතිවරණය කල් තැබීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

කෙසේ නමුත්, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර පළාත් පාලන ආයතන 339 ක නිල කාලය මෙමස 19 වැනිදා මධ්‍යම රාත්‍රි 12 න් අවසන්වීමට නියමිතය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 59 ක් සහ ස්වාධීන කණ්ඩායම් 329 ක් නාමයෝජනා භාරදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්දෙ කල් දාන ‘දැන්වීමේ’ දිනය හිස්

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට අදාළ දැන්වීමේ දින සඳහන් නොකර හිස්තැනක් තබා තේරිම්භාර නිලධාරිවරයාගේ අත්සන සහිතව එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එම දැන්වීම සමග අදාළ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ලැයිස්තුව ද භාෂා ත්‍රිත්වයෙන්ම එවන ලෙස දැනුම් දී තිබේ. 

තවද, මෙම ලේඛනය මැතිවරණ කොමිසමට ඊයේ (02 ) ගෙනැවිත් භාරදෙන ලෙසද සඳහන් කර ඇත. 

අදාළ ලිපිය යොමුකර ඇත්‍්තේ පෙරේදා (01) ය.

මැතිවරණයට අදාළ මුදල් නොලැබීම නිසා ඡන්ද විමසීමේ දිනය කල් දැමූ බව මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසූ අවස්ථාවේ දැනගත් බවත්, මේ නිසා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිනය ලෙස …….. .(හිස් තැනක්) ප්‍රකාශයට පත් කරන බව තේරීම් භාර නිලධාරී අත්සන් කළ යුතු දැන්වීමේ සඳහන් කර තිබේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved