පුවත්

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීම අද දැනුම්දෙයි!

Published

on

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම අද (04) නිකුත් කරන බව එහි සභාපති නිමල් ජී පුංචිහේවා මහතා කියයි.

ඒ අනුව, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත අද දිනයේ අදාළ දැන්වීම නිකුත් කිරිමට පියවර ගන්නා බවද ඔහු කියා සිටී.

එම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් විසින් අදාළ නිවේදනය හෙට (05) දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇති බව හෙතෙම කියා සිටියේය.

ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් භාරගැනීම, අපේක්ෂකයින් සංඛ්‍යාව ඇතුළු සියලු විස්තර එම නිවේදනයේ සඳහන් කෙරෙන අතර නාම යෝජනා භාර ගැනීම හෙට දිනයේ සිට දින 14කින් පසු සිදුකිරීමට නියමිතය.

නාමයෝජනා භාරගැනීම දින තුන හමාරක කාලයක් සිදුකෙරෙන අතර අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පැවසුවේය.

Trending

Exit mobile version