Connect with us

පුවත්

පුංචි ඡන්දයට බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට එකඟත්වය

Published

on

පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත්, මෙම  අර්බුදකාරී තත්වයට පිළියමක් ලෙස එසේ  බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් අද දින පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඒකමතික එකඟත්වය හිමි විය. 

මෙලෙස ඒකමතික එකඟත්වය හිමි වුයේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට ඇති බාධා සහ එම බාධා ඉවත් කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්  විය. මේ සඳහා නීතිපති උපදෙස් පරිදි, සංශෝධනයට ලක් වූ පනතක්, සංශෝධනයට  පෙර පැවති ලෙස නැවතත්  වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර අනුමතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.

තවද, පළාත් සභා අමාත්‍යාංශවල ලේකම්වරු ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදය ක්‍රමවත් කිරීම සහ සේවා ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ප්‍රාදේශීය ලේකම්වරු  සඳහා ස්ථාන මාරු කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනය කිරීමද මෙහිදී සිදු විය.

පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට නිසිපරිදි ස්ථානගත නොකිරීම  පිළිබදවත් මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පරිපාලන නිලධාරීන්ගේ ස්ථානගත කිරීම්  නිසිපරිදි සිදුකළ යුතු බවට ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව වහාම ඒ සදහා පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සිදු කිරීම පිළිබඳ අලුත් තීරණයක් නොමැති බැවින් හා පළාත් සහ සමස්ත රාජ්‍ය සේවය තුළ පුරප්පාඩු පවත්නා නිසාත්, එම පුරප්පාඩු සඳහා කළමනාකරණ සේවා නිලධාරී තෙවන ශ්‍රේණියේ සීමිත තරඟ විභාගයෙන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන මේ වන විටත් පත්වීම් ලබා සිටින සේවකයන් එම පුරප්පාඩු පවත්නා තනතුරැ වල පිහිටු වීමට කටයුතු කිරීම පිළිබඳව ද  මෙහිදී සාකච්ඡා විය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved