Connect with us

පුවත්

පුංචි ඡන්දයේ අතිරේක නම් අද ගැසට්ටුවට

Published

on

 පළාත් පාලන ආයතන සඳහා අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද අද (19) දිනය දක්වා ලැබී තිබෙන සභිකයන්ගේ නම් ලැයිස්තු ගැසට් කිරීමට කටයුතු කරන බවත්, ප්‍රමාද වී ලැබෙන ලැයිස්තු පසුව ගැසට් කෙරෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී.

අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද සභිකයන්ගේ ලේඛන කඩිනමින් දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණය අවසන් වීමත් සමග දැනුම්දීමට කටයුතු කර තිබිණි.

අතිරේක ලැයිස්තුවේ සභිකයන්ගේ නම් ලැබුණු පසුව ඒ ඒ පළාත් පාලන ආයතනයට තේරී පත්වූ සියලු සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කෙරෙන බවත්, ඡන්ද විමසීමකින් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපති තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කළ පසුව පමණක් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මේ නිසා අදාළ අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා සභිකයන්ගේ නම් කඩිනමින් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන ලෙස දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටී.

පුවත්

ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්

Published

on

By

කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 011 2696594 දුරකතන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකියි.

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ ආරම්භ කළ බවයි.

කණ්ඩායම් 60ක් ඒ සඳහා පත් කර තිබේ.

වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,576 කි.

මේ අතර ජාතික ඩෙංගු මර්දන සතියේ පස් වැනි දිනය අදයි.

ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 6370ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

Published

on

By

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙනවිත් තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Continue Reading

පුවත්

ආමි උපුල් වෙඩි තබා ඝාතනය කරලා

Published

on

By

රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේ  ඊයේ රාත්‍රි 10.30 ට පමණ සිදු කළ වෙඩි තැබිමකින් ආමි උපුල් නැමති සංවිධානාත්මක අපරාධකරු මියගොස් තිබේ.

ඔහු නිවස අසළ සිටියදී  ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මේ වෙඩි තැබීම පිස්තෝලයකින් සිදු කර තිබේ.

45 හැවිරිදි ආමි උපුල් නැමැත්තා ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකි.

ඔහු යුධ හමුදාවේ හිටපු සෙබළෙකු බවද පොලිසිය පැවසුවේ ය.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved