Connect with us

පුවත්

පුංචි ඡන්දයේ ඡන්ද පත්‍රිකා නිවාසවලට බෙදා හැරීම අප්‍රේල් 16 සිට 29 දක්වා

Published

on

පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නිවාසවලට බෙදාහැරීම අප්‍රේල් 16 සිට 29 දක්වා සිදු කෙරෙන බව තැපැල්පති රුවන් සත්කුමාර  මහතා පවසයි.

අප්‍රේල් 20 වි‍ශේෂ දිනයක් සේ සළකා ඒ සඳහා කටයුතු කරන බව තැපැල්පතිවරයා ප්‍රකාශ කරයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය සදහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වනදා ආරම්භ වේ.

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වනදා එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම පවසයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල ,මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය හා නියෝජ්‍ය පොලිස්පති කාර්යාල , පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරි කාර්යාල ,පොලිස් ස්ථාන , විශේෂ කාර්ය බලකාය,විශේෂ පොලිස් ඒකක හා ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශය යන ආයතනවල සේවය කරන නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වනදා සිදුකිරීමට නියමිතය.

ත්‍රිවිධ හමුදා කදවුරු සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය සලකුණු කිරිම සිදුකෙරෙන්නේ අප්‍රේල් මස 23 සහ 24 යන දිනවලදීය.

මෙම දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී අප්‍රේල් මස 28 සහ 29 යන දිනවලදී ද තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

පුවත්

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ජනපති අතට

Published

on

By

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.

Continue Reading

පුවත්

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට (UPDATE)

Published

on

By

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ හා දියණිය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකටය.

 


(පෙර පුවත 2025 ජූනි 18 පෙ.ව.10.06 )

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

පක්ෂ තීරණයට පිටුපෑ දෙදෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Published

on

By

කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් එලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවය.

අද (18) උදෑසන පළමු වරට රැස්වූ කොළොන්නාව නගර සභාවේ දී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එහිදී විපක්ෂයේ සියලුදෙනා සභාවෙන් පිටව යද්දි මොහු පමණක් සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

එහිදී කොළොන්නාව නගර සභාවේ සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා තේරීපත්වූ අතර, උප සභාපති ධුරය සඳහා සමන් සෙනෙවිරත්න මහතා පත්වුණි.

මේ අතර කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

පක්ෂ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව ඇත.

සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් පක්ෂය විසින් මෙම තීරණය ගෙන තිබේ.

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved