පුවත්

පුංචි ඡන්දය ගැන කොමිසමේ අදත් සාකච්ඡාවක්!

Published

on

මැතිවරණ කොමිෂන් සභාව අද (04) පෙරවරුවේ රැස්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ මැතිවරණයට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

මේ අතර, පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ලබන 10 වැනිදා යින් පසුව තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටී.

ලබන 10 වැනිදාට පෙර අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් පළාත් පලාන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 25 වැනිදාට පෙර පැවැත්වීමේ හැකියාවක් ඇති බවද ඔහු පවසයි.

Trending

Exit mobile version