Connect with us

පුවත්

පුංචි ඡන්දය ගැන දැනුම්දීමක්

Published

on

ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ 2023 වසරට අදාළව ලබාදුන් නාම යෝජනා අනුව බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ සම්බන්ධව කිසියම් අපේක්ෂකයකුට විරෝධයක් තිබේ නම් අධිකරණය හමුවට යා හැකි බව ඒ මහතා පවසන්නේය.

මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇත්තේ දැනට කැඳවා ඇති නාම යෝජනා අනුව බව පැවසූ ඒ මහතා දැනට නාම යෝජනා ලබාදී ඇති අපේක්ෂකයන් වෙනත් දේශපාලන පක්ෂවලට ගොස් ඇති නම් එය තම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළ යුතු බව සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව ඇත්තේ දැනට නාම යෝජනා භාරදී ඇති අපේක්ෂකයෙක් මියගොස් ඇතිනම් ඒ වෙනුවට වෙනත් අපේක්ෂකයෙක් ආදේශ කිරීමට අවස්ථාව ලබාදීම පමණක් බවයි ඔහු සඳහන් කළේය.

මැතිවරණ වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මහනුවර පැවැති වැඩසටහනකදී සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව කියා සිටියේය.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved