Connect with us

පුවත්

පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් පොරොන්දුවක්

Published

on

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඊයේ (28) රැස්වූ මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් කර තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතියෙන් පැවරී ඇති බලතල හා කාර්යයන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන වලින් සහය ලබා ගන්නා බවට ලාංකික ජනතාවට ප්‍රතිඥා දෙන බව එහිදී මැතිවරණ කොමිසම කියා සිටියේය.

අත්තනෝමතික හා අනීතික ක්‍රියා මගින් 2023 වසරේ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 22 වැනිදා තීරණය කර තිබුණි.

එහිදී අධිකරණය පෙන්වා දුන්නේ, මැතිවරණ ක්‍රියාවලිය නිසියාකාරව සැලසුම් කිරීමට සහ කළමනාකරණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අපොහොසත් වූ බවය.

අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගීතාවය සුරක්ෂිත කිරීමට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට කොමිෂන් සභාව සිය බලතල ක්‍රියාත්මක නොකළ බව ද අධිකරණය පෙන්වා දුන්නේය.

පුවත්

නෙවිල් සිල්වාට ඇප (UPDATE)

Published

on

By

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාට ඇප ලබාදී ඇත.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව නෙවිල් සිල්වා මහතා අද (24) අධිකරණයට භාරවිය.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

නෙවිල් සිල්වා එම නඩුවේ 9වන සැකකරුය.


(පෙර පුවත 2025 අප්‍රේල් 24 ප.ව.3.59 )

නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

අද (24) ඔහු මෙලෙස අධිකරණයට භාරවී ඇති බව සඳහන් ය.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස භාරවී තිබේ.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ නඩුවේ 9වන සැකකරු වෙයි.

Continue Reading

පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Published

on

By

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ  2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසය.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved