පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3දාට අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද (24) නිවේදනය කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් පළාත් පාලන මැතිවරණය මාර්තු 09දා නොපැවත්වෙන බව ද එම කොමිෂන් සභාව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට අලුතින් දිනයක් නියම කළ ද ලබාදී ඇති නාමයෝජනා හා ඇප මුදල් ඊට වළංගු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.