පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සංචාරයක් සඳහා ඩුබායි බලා පෙරේදා (25) රාත්‍රියේ පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙරේදා (25) රාත්‍රී අටයි පහට පමණ ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව පැවසේ.
රුපියල් කෝටි හතහමාරකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ ජංගම දුරකථන අනූ එකක් නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ප්‍රභූ පර්යන්තයෙන් පිටවීමේ දී මන්ත්‍රීවරයා පසුගියදා අත්අඩංගුවට පත්විය.
පසුව ඔහු රුපියල් ලක්ෂ 75ක දඩ මුදලක් මත නිදහස් කර තිබිණි.