ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් අතර ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
ස්වීඩන් තානාපතිවරයා පැවසුවේ, ස්වීඩන් රජයේ ආයෝජන සිදු කිරීමේදී මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ස්වීඩන් රජයේ අවධානය යොමුව ඇති බවය.
ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සහ ඔවුන් මුහුණ දී ඇති වීසා දුෂ්කරතා පිළිබඳව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ස්වීඩන් තානාපතිවරයාගේ අවධානයට මෙහිදී යොමු කර තිබේ.