Connect with us

පුවත්

“පුනරුදයේ රඟ, මාස හයට ලුණු පැකට් එක හාරසීයයි”

Published

on

ලුණු පැකට් එකක් රුපියල් හැටක් වීමට වසර 76 ගියත් ලුණු පැකට් එක රුපියල් හාරසිය කිරීමට මේ ආණ්ඩුවට මාස හතෙන් හැකි වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) කොළඹ ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේදී පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙම මාධ්‍ය හමුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

“ වසර 76ක් ගියා ලුණු පැකට් එකක් රුපියල් හැට වෙන්න. මාස හතකින් හැටේ තිබුණු ලුණු පැකට් එක රුපියල් 350යි 400යි. මේක තමයි පුනරුදයේ රඟ. අර හේවගේ කියනවා තිබුණු ආණ්ඩුව වගකියන්න ඕනලු. උන්දැගෙ නෝනට බබෙක් හම්බෙන්න හිටියත් තිබුණු ආණ්ඩුව වගකියන්න ඕනලු. තිබුණු ආණ්ඩුවට තමයි ඒකෙ බිල දාන්නේ. හොඳ වෙලාවට එහෙම එකක් නැහැ. නැත්නම් කරුමෙට වගකියන්න ඕන තිබිච්ච ආණ්ඩුව. මේක පුදුම විහිළුවක් ආණ්ඩුවේ ගොබිලෝ කියන්නේ තිබුණු ආණ්ඩු මේවට වගකියන්න ඕන කියලා. අර හඳුන්නෙත්ති විවෘත කරපු කර්මාන්තශාලාව කෝ වැහිලද. මේ ආණ්ඩුවට අද වෙලා තියෙන්නේ අද ගුරුපත්වීම ගත්තු මිනිහට ප්‍රින්සිපල්කමක් දුන්නා වගෙ වැඩක්.” 

මේ යෝධයෝ ලුණු පැකට් එකෙනුත් මාටියා ගහනවා

“ හාල්වලින්, ලුණු පැකට්වලින් මාටියා ගහපු ආණ්ඩු දැකලා නැහැ. මේ යෝධයෝ ලුණු පැකට් එකෙන් මාටියා ගහනවා. මේ ආණ්ඩුව අලුතෙන් කිසිම තීරණයක් නොගන්න ආණ්ඩුවක්. හාල් මිල පාලනය කරන්න කියලා සතොස දැම්ම ටෙන්ඩර් හතරම අවලංගුයිනේ. ඒ පුද්ගලික හාල්මෝල් හිමියන්ට ඇති පදමට ගෙන්න ගන්න.  ටෙන්ඩරේ දැම්මෙම අවලංගු වෙන්න. හාල් ලාබේ කොහාටද ගෙවිලා යන්නෙ. කවුද ඒ කොටස ගිලගන්නෙ. කන්ටේනර් තුන්සිය ගානෙන් ගහපු මාටියා ගැහිල්ල අපි කවුරුත් දන්නෙ නැහැ. රතු ලැයිස්තුවේ තිබුණු ඒවා කවුරුත් දන්නෙ නැහැ. මේ මාටියා ගැහිල්ල කලේ ඉංග්‍රීසියෙන්. අනිත් එවුන් කළේ සිංහලෙන්. අනුන්ගේ ඕපදූප හොය හොය ඉන්න ළිඳ සංගමයේ ආණ්ඩුවක් මේක. වෙන වැඩක්නම් මුන්දැලා දන්නෙ නැහැ. නැත්නම් ලුණු පැකට් එකක් හොයාගන්න බැරි මට්ටමට යනවද. ලුණුවලින් තොර ආහාර පරිභෝජන රටාවකට ජන සමාජය අරගෙන ගිහිල්ලා පුනරුදයේ පිහිටෙන් අධික රුධිර පීඩනය තුරන් කිරීමේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් කරා ශ්‍රී ලංකාව ගමන් කරනවා. සාදු සාදු කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.”

පුවත්

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනකුට අල්ලස් කොමිසමෙන් නඩු

Published

on

By

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට අල්ලක් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කිය සිදුවීමකට අදාළවය.

ඒ අනුව හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව පහක් වන අතර සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබේ.

එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර ඇත.

Continue Reading

පුවත්

පතල් කාර්මිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක්

Published

on

By

පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයන් සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා තිබේ.

පතල් කර්මාන්තයේ ඇති අනාරක්ෂිතභාවය නිසාම එම රැකියාවෙහි නිරත වන තරුණ පිරිස් ක්‍රමයෙන් අඩු වී ඇත.

ඊට විසඳුමක් ලෙස පතල් සේවකයන් උදෙසා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කළ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

වෙනත් රක්ෂණ සමාගම්වල ඒ වෙනුවෙන් අය කරන වාරිකයට වඩා සහනදායී රක්ෂණ වාරික මුදලක් අය කර ගැනීමට තීරණය කරමින් පතල් කාර්මිකයන්ගේ අවදානම් ආවරණය කිරීමටයි කටයුතු කර තිබේ.

Continue Reading

පුවත්

දේශබන්දු 19වනදා පරීක්ෂණ කමිටුවට

Published

on

By

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට එළැඹෙන 19වනදා ප.ව. 2ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව’ විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved