පුවත්

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Published

on

නීතිවිරෝධීව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ලද තොරතුරකට අනුව ගුංගමුව ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.

ඔහු සතුව තිබී වොටර් ජෙල් කූරු 4ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 890ක්, ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ ග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක්, ඩෙටනේටර් කප් 56ක් සහ සේවා නූල් මීටර් 250ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි බණ්ඩාරගම ගුංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Trending

Exit mobile version