පුවත්

පුපුරන කල්ලි ඔක්කොම හිටියෙ අනුර ළඟ

Published

on

පාස්කු ප්‍රහාරය හා පිපිරීම්වල අග මුල වඩාත් හොඳින් දන්නේ අනුර කුමාර දිසානයක මහත් බව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසයි.

ඇප මත මුදා හැරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ජනමාධ්‍ය අමතමින් උන්වහන්සේ ඊයේ (22) මේ බව සඳහන් කළහ.

බලයට පැමිණි විට පිපිරීම ගැන මුල අග සොයන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගොස් පැවසූ බවත්  පුපුරන කල්ලි සිටියේ අනුර කුමාර ළඟ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙහිදී පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්,

“2014 ජුනි මස 20 වැනිදා දික්වැල්ල ප්‍රදේශයේදී ක්ෂේක්වරයෙක් හමුවනවා. ඉස්ලාම් ආගමට අපහාසයක් වන පරිද්දෙන් මේ රට තුළ උන්මත්තක ආගමික කල්ලි මේ ආසියාවේ භයානකම අත්හදා බැලීම කරන්න තෝරගෙන තිබෙන්නේ ලංකාවයි. අනේ හාමුදුරුවනේ මේක ගිහිල්ලා ආරක්ෂක ලේකම්තුමාට කියන්න කියලා එදා අපට කිව්වා. ඒ අනුව එදා අපි ගිහිල්ලා කරුණු වාර්තා කෙරුවා. මේ කරුණු ටික කිව්වායින් පස්සේ මේ රටේ ආරක්ෂක අංශ තිබියදීත් මේක පිපිරුවානේ. මේක සියලුම අන්තවාදී මුස්ලිම් බලවේග ටික ගිහිල්ලා කොහෙද හැංගුනේ. ජනතා විමුක්ති පෙරමුණ සහ එදා යහපාලන ආණ්ඩුව ගේන්න වැඩකරපු ජාතික ජන බලවේගය හැටියට හිටිය ඒක අස්සේ තමයි ගිහිල්ලා හැංගුනේ. මම දැක්කා ඊයේ අනුර කුමාර මහත්තයා ජපානයේ ඉඳලා කියනවා මම ආවොත් බලයට අග මුල හොයන්නම් කියලා. එයා තමයි අග මුල දන්නේ මොකද එයා ළඟ තමයි පුපුරන කල්ලි ඔක්කොම ටික හිටියේ. ඒක තමයි මේකෙ තිබෙන කැත කතාව.

මේ සිද්ධිය දැනගත්තු වහාම මම කාදිනල්තුමා හම්බුවෙලා මම කිව්වා සහරාන් කියලා මිනිහෙක් ඉන්නවා ඉන්නේ කාත්තන්කුඩි, ප්‍රහාරයක් එනවා, කඩු කිණිසි අරගෙන සැරි සරනවා මිනිසුන්ට එළියට බහින්න දෙන්නේ නැහැ, කතෝලිකයන්ට ප්‍රහාරයක් එනවා. එතුමා මොකක්ද අපිට කිව්වේ. හාමුදුරුවනේ අපිත් මේ කතාව දන්නවා මේක නවත්ත ගන්න අපි ඌරු කොටු හදනවා කිව්වා. ඒක තමයි එතුමාගේ උත්තරය වුණේ.

දැන් ඇවිල්ලා මොනවද කතා කරන්නේ, මේ ඉස්ලාම් නාමයෙන් එන මේ උන්මත්තක අන්තවාදය එලෙසමයි, ඒගොල්ලෝ රට ඇතුළේ කතා කරන මොහොතෙත් යම් යම් තැන්වල පුහුණුවීම් ආදී කටයුතු වෙනවයි කියලා අපිට මුස්ලිම් ප්‍රජාවම ඇවිත් කියනවා. ආයි අපි හිරේ දැම්මත් කතා නොකර නිවටව නියාලුව ඉන්නේ නැති බව වගකීමෙන් කියනවා.”

Trending

Exit mobile version