Connect with us

පුවත්

පුබුදු – මාෂි CIDයට; ප්‍රිමාලි – ජානකී දෙපළකට

Published

on

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කරන විශේෂ විමර්ශනයට අදාළව ජනප්‍රිය නළු පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි මාෂි සිරිවර්ධනගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

රුපියල් ලක්ෂ 300කට අධික මුදලක් වැය කරමින් කොළඹ ෂැංගිලා හෝටලයේ දී පවත්වන ලද මායාජාල චිත්‍රපටයේ මුහුරත් උළෙල සම්බන්ධයෙන් සහ ඒ සඳහා දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය මුදල් යෙදවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔවුන් එලෙස කැඳවීමට නියමිත බවද පැවසේ.

දෙන්න දෙපොළේ…

මේ අතර, තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවන්ට ආධාර හා අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජානකී සිරිවර්ධනගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා ඇය මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇතැයි වාර්තා වේ.

තිළිණි ප්‍රියමාලි රඳවා සිටින්නේ වැලිකඩ කාන්තා අංශයේය.

දෙදෙනාම එකම බන්ධනාගාරයක රඳවා තැබීමෙන් බන්ධනාගාරය තුළදී දෙදෙනා අතර ගැටුමක් ඇති වීමේ අවදානමක් මතු වීමට ඉඩ ඇතැයි සැක කරමින් මෙසේ ජානකී සිරිවර්ධනව මීගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයට රැගෙන ගොස් තිබේ.

ජානකී සිරිවර්ධන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය 05 වැනිදාය.

ඇයව අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙනවිත් ලියාදිංචි කිරීමේ කටයුතු අවසන් වූ වහාම මීගමුවට රැගෙන ගොස් ඇතැයි පැවසේ.

තිළිණිත් ජානකීත් එකම බන්ධනාගරයක එකට සිටීමෙන් සාක්ෂි විනාශ කිරීමට දෙදෙනා එක්ව සැලසුම් කරනු ඇති බවට සැකයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ටත් මොවුන් නිසා අගතියට පත් වූ පාර්ශ්වයේ නීතිඥවරුන්ටත් මතු වී තිබිණි.

එබැවින් ඔවුන් දෙදෙනා එකම බන්ධනාගාරයේ රඳවා නොතබන ලෙස ඉල්ලීමක්ද එම පාර්ශ්වවලින් කෙරී තිබිණි.

තිළිණි සහ ජානකී ඉතා කිට්ටු මිතුරන් ලෙස කටයුතු කළත් මෑතකදී දෙදෙනා අතර මුදල් ආරවුලක් මත විරසකභාවයක් ඇති වී තිබෙන බව සඳහන් වේ.

එහිදී දෙදෙනා එකිනෙකාට දොස්නඟා ගන්නා හඬපට කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

එම හඬපටවලට අනුව මේ දෙදෙනා එකට දැමීමෙන් සාක්ෂි විනාශ කිරීමට සැලසුම් කරනවා කෙසේ වෙතත් දෙදෙනා කෙහෙවලු පටලවාගෙන ගැටුම් ඇති කර ගැනීමට ඉඩ ඇති බැවින් බන්ධනාගාර නිලධාරීන් මේ තීන්දුව ගෙන තිබේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved