පුවත්

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරය හැරගියේ ජනපති නිසා?

Published

on

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සිය අමාත්‍යංශ ල‌ේකම්වරයා වෙත බාරදී ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියා සිටී.

මනතුංග මහතා මෙසේ ඉල්ලා අස්වී ඇත්ත‌ේ ජනාධිපතිවරයා ලෙස තමන් ලබාදනෙ නියෝග ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඉල්ලා අස්වන්නැයි පසුගිය දිනක පැවැති රැස්වීකදී මනතුංග මහතාට කළ දැනුම්දීමකට අනුව බවද පැවස‌ේ.

අනුරාධපුරයේ මුල් යුගය රූපණය කරන මුලතිව්  ඓතිහාසික කුරුන්දි මහා විහාරයට අයත් පුරාවිද්‍යාත්මක නටබුන් සහිත අක්කර දෙසීයක භූමියක් විද්‍යාත්මක ගවේෂණයකින් හඳුනා ගැනීමෙන් අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම භූමිය මැන දෙන්නැයි මිනුම්පතිවරයාට ඉල්ලීමක් කර තිබේ.

හඳුනාගත් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අක්කර 05කට වැඩි ප්‍රමාණයක් ද තිබී ඇති බව පැවසේ.

මේ අතර  පසුගිය 08 වැනිදා සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දි ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමක් අතර එම කුඹුරු ඉඩම් කොටස ජනතාවට නිදහස් කරන ලෙස  ජනාධිපතිවරයා නියෝග කර ඇත.

එවිට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් මහාචාර්ය අනුර මනතුංග මහතා කරුණු දක්වා ඇති අතර එහිදී ඔහු  පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණයවන  රටේ නීතිය ප්‍රකාරව  එය සිදුකළ නොහැකි බව පවසා තිබේ.

මුලතිව් කුරුන්දිමලේ විහාරය පෞරාණික නටබුන් සහිත ජනාවාස නගර කොටස විද්‍යාත්මක ගවේෂණයයකින් පසු වෙන් කරගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරද්දී එම භූමිය සඳහා ජනතාවගේ පාර්ශවයෙන්  අයිතිවාසිකම් කියා තිබුණේ අක්කර 05ක් සඳහා පමණක් බව පැවස‌ේ.

එම අක්කර 05 ද එහි හිමිකරු විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ප්‍රදානය කිරීමට මුල් අවස්ථාවේ දි සූදානම් ව සිටි බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආංචි මාර්ග කියයි. 

මෙම ඉඩම් අක්කර 05 හිමි පුද්ගලයා තවත් කුඹුරු අක්කර සිය ගණනක හිමිකරුවෙක් බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Trending

Exit mobile version