ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවට පැමිණ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු අභියෝගයට ලක් කිරීම නුසුදුසු බව පාර්ලිමේන්තුවේ දී තම අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.
“ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කිරීම වැරදියි. එහෙම අභියෝග කරන සංස්කෘතියකට අපි ගියොත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් වැඩකුත් නෑ. ජනාධිපති සතුටු වෙන විදියේ තීරණ දෙන්න නම් මොකටද අපි ශ්‍රේෂ්ඨාධිකරණය කියලා එකක් තියා ගන්නේ. ඒ වගේම බරපතලම ප්‍රශ්නය තමයි කාන්තාවන් බල ගැන්වීමේ පනත ඇතුලේ තිබෙන අන්තර්ගතය හරියට නොකියවීම. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කරන්න යනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය වහලා දාන්න.
අනෙක කාන්තාවන් සවිබල ගන්වනවා නම් ඒ පනත කාන්තාවන්ට පමණක් සීමා වෙන්න ඕනේ. නමුත් ඒ පනත සංක්‍රාන්ති ලිංගිකයන්ටත් අදාළ කරගෙන තිබෙනවා. ඒ අය කාන්තාවන් වෙන්නේ කොහොමද? හෝමෝන ප්‍රශ්නයක් නිසා ලිංගිකත්වය වෙනස් වෙන්න පුළුවන්. නමුත් එහෙම වුනා කියලා ඒ අය කාන්තාවන් කියා හඳුන්වන්න පුළුවන්ද?
ජීව විද්‍යාත්මක කාන්තාව බලාත්මක කිරීම ගැන ප්‍රශ්නයක් නෑ. නමුත් ජීව විද්‍යාත්මක කාන්තාව සවිබල ගැන්වීමේ මුවාවෙන් ලෝකය තුල විශාල ජාවාරමක් දැන් සිදුවෙනවා. පුරුෂ ලිංගයක් ඩොලර් 4000යි. ඒ සැත්කම් මිල ගණන් විශාලයි. ඒවා කරගත්තහම ජීවිත කාලෙටම බෙහෙත් බොන්න ඕනෑ. ඒ නිසා අපිට පෙනෙන්නේ බටහිර ඖෂධ සමාගම්වල ඕනෑ එපාකම් මේ පනත අස්සේ දාලා තියෙනවා.”