පුවත්

පුල්මුඩේ දෙපිරිසක් ඉඩමකට ගැටී 2ක් මරුට!

Published

on

පුල්මුඩේ ජල පොප්පාගාර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය කියා සිටී.

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් එම ගැටුම හටගෙන ඇති අතර තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මියගිය පුද්ගලයින් දෙදෙනා අවුරුදු 41 සහ 45 වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version