පුවත්

පුහුණු චාරිකාවට ගිය නිලධාරිනියට ඇසිඩ් ප්‍රහාරයක්

Published

on

නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් සිටි විදේශ රැකියා සම්බන්ධයෙන් ක්‍රියාකාරී රාජ්‍ය ආයතනයක පුහුණු අභ්‍යාසලාභීන් පිරිසක් ගමන් ගත් බස් රථයක් තුළට ඇතුල් වූ පුද්ගලයෙකු, එම චාරිකාවේ නිරතවූ පිරිස භාරව කටයුතු කළ නිලධාරිනියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ඇසිඩ් ප්‍රහාරයෙන් එම නිලධාරිනිය ඇතුළු කාන්තාවන් හය දෙනෙකු රෝහල්ගත කර ඇතැයි රත්නපුර පොලිසිය පවසයි.

ඊයේ (13) දහවල් රත්නපුර නගරයේ සෙන්ලුක්ස් හන්දිය ආසන්නයේ සිදුවූ මෙම ඇසිඩ් ප්‍රහාරයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා සිටී.

එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රත්නපුර පොලිසියේ අපරාධ අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Trending

Exit mobile version