Connect with us

පුවත්

“පුළුවන් ශ්‍රී ලංකා” ඇමති චාමර බදුල්ල පොලිසියේදී අත්හදා බලලා!

Published

on

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් “රනිල්ට විතරයි පුළුවන් ශ්‍රී ලංකා” යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය කළ කාන්තාවන් හත් දෙනකු ඇතුළු 34 දෙනකු අත්අඩංගුවට ගත්තැයි උරණ වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පොලිසියට කඩාවැදී පොලිස් නිලධාරීන්ට බැණ වැදී එම පිරිස නිදහස් කරගෙන ගොස් ඇතැයි “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

මෙම සිදුවීම ඊයේ (05) දහවල් බදුල්ල මූලස්ථාන පොලිසියේදී සිදුව ඇත.

“පුළුවන් ශ්‍රී ලංකා” තේමාව යටතේ “රනිල් විතරයි” යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ අසලදී මෙම පිරිස සිට ඇති අතර මැතිවරණ පැමිණිලි ඒකකයට ලද පැමිණිල්ලකට අනුව බදුල්ල පොලිසියේ නිලධාරින් එම පිරිස පොලිසියට රැගෙන විත් තිබේ.

මේ සම්බන්ධයෙන් සැල වූ වහාම ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා නීතිය කාටත් එකට කරන ලෙස කියමින් මෙම පිරිස නිදහස් කරන ලෙසට පොලිසියට බැණ වැදී බලපෑම් කර ඇත්තේ බදුල්ල දිසාවේ ඉහළ පොලිස් නිලධාරින් නම් අවංකව කටයුතු කරන බවද සඳහන් කරමිනි.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිවරයා බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාද හමුවී සාකච්ඡා කර ඇති අතර පසුව සහකාර කොමසාරිස්වරයා එම පිරිස මුදාහරින ලෙස උපදෙස් දී ඇත.

මේ අනුව මැතිවරණ නීති කඩකළ පිරිස කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිදහස් කර ඇත.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved