වව්නියාව, පූන්තොට්ටම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 5දෙනෙකු පළාගොස් තිබේ.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, අවුරුදු 22 – 30 වයස්වල පසුවන රැඳවියන් 5 දෙනෙකු ඊයේ (15) පස්වරුවේ එලෙස පළා ගොස් ඇති බවයි.
මේ වන විට ඔවුන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.