පුවත්

“පෘථිවියේ පැවැත්මට දේශගුණික විපර්යාස අවම කිරීමට ක්‍රියාත්මක විය යුතුයි”

Published

on

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව හෙවත් ‘COP28’ සමුළුවට ඩුබායිහි එක්පෝ සිටිහිදී එක් වෙමින් ජනිධිපතිවරයා අවධාරණය කළේ ඒ සඳහා නායකත්වය ලබා දීමට තමා සූදානම් බවයි.

පස්වැනි ආසියා පැසිපික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදය එකඟ වූ දේශගුණික සංසදය පිහිටුවීම සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ සමුළුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කර ඇත.

පරිසර දූෂණය පාලනය කිරීම සහ ස්වාභාවික විසඳුම් සඳහා විශාල ආයෝජන කිරීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව සහ අනිකුත් රටවල් දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම් පිළිබඳ වාර්තා කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් කැඳවීමට අපේක්ෂා කරන බවයි.

එමඟින් සම්පූර්ණ නිවර්තන කලාපය පුරා පමණක් නොව සමස්ත ලෝකය පුරා බහු ආංශික සැලැස්මක් බෙදා හැරීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ජනපතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Trending

Exit mobile version