පෙම් සබඳතාවයකට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා තරුණියක ඇතුළු සිව්දෙනෙකු අද (05) අලුයම අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් ඊයේ (04) පස්වරුවේ අළුබෝමුල්ල පින්වත්ත අතුරු මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් පැමිණ පැහැර ගැනීම සිදුකළ බවට තරුණයා සහ ඔහුගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.
පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ පැහැරගත් බව පැවසෙන තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කරගැනීම සඳහා තරුණයා අකමැත්ත පළකිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වු බව පොලීසිය සඳහන් කළේය.
තරුණයාව පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බව ද පොලීසිය පැවසීය.
පැහැරගැනීම සඳහා සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය සහ රියදුරු සොයා පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටී.
අත්අඩංගුවට ගෙන ඇති තරුණිය ආරක්ෂක හමුදාවේ රාජකාරි කරන බවත්, පැහැරගැනීමට ලක්වූ තරුණයා පෞද්ගලික සමාගමක සේවය කරන බවත් පොලීසිය පැවසීය.
සැකකරුවන් අද (05) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.