අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන පුහුණුව හෝ පෙර පාසල් ඩිප්ලෝමාවක් නොමැතිව ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
නිසි ක්‍රමවේදයක් නොමැතිව අවධිමත්ව පෙර පාසල් පැවැත්වීමට අවස්ථාව දිය නොහැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කඒය.
මෙරට පෙර පාසල් ගුරුවරුන් හතලිස් දහසක් සහ විවිධ වර්ගවල පෙර පාසල් දහනව දහසක් පවතින බව ඔහු සඳහන් කළේය.
ඒ හේතුවෙන් සියලු දරුවන් පාසල් අධ්‍යාපනයට එක් වීමේදී ගැටළු සහගත තත්වයක් පවතින බැවින් යම් රාමුවක් තුල නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අදාල පෙර පාසල් පැවැත්වීම අත්‍යාවශ්‍ය බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
(අරුණ)