Connect with us

පුවත්

පෙර පාසලේ සිටම ලිංගික දැනුම

Published

on

පෙර පාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ආරම්භ කිරීමට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබේ.

ලිංගික දැනුම ලබා දීම සඳහා පෙර පාසල් දරුවන්ට මෙන්ම සෙසු ශ්‍රේණිවල සිසුන්ට අදාළව පොත් දාහතරක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් මේ වන විට සකස් කෙරෙමින් පවතී. වෛද්‍යවරු,ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු ඒ සඳහා සහය දක්වති. ඒ ඒ ශ්‍රේණිවලට අදාළව සකස් කෙරෙන පොත්වල අන්තර්ගත කරුණු එකිනෙකට වෙනස් වෙයි. මෙම පොත් ලබා දෙන්නේ අතිරේක කියවීම් පොත් වශයෙන් යැයි එම සංසදයේ සභාපතිනී , පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්න ‘අරුණ’ට ඊයේ ( 16 වැනිදා) පැවසුවා ය.

සියලුම දරුවන් වෙනුවෙන් එකවර පොත් මුද්‍රණය කිරීම අසීරු හෙයින් ප්‍රථමයෙන් ම අන්තර්ජාලය ඔස්සේ පොත පරිශීලනයට සිසුන්ට අවස්ථාව දෙන බවත් පොත් මුද්‍රණය කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතනවල සහය ලබා ගන්නා බවත් සභාපතිවරිය කීවාය.

විෂය නිර්දේශ සකස් කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එම ප්‍රගතිය අනුව වැඩපිළිවෙළ ආරම්භ කරන නිශ්චිත දිනයක් තීරණය කරන බවත් මන්ත්‍රිවරිය සඳහන් කළාය. ළමා අපයෝජනවලට මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ ඉතාම අවම දැනුමක් පැවතීම බව ද සභාපතිවරිය කීවාය.

ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා 2019 වසරේ දී හත්වැනි ශ්‍රේණියේ සිසුන්ට ‘හතේ අපේ පොත’ට විරුද්ධව ඇතැම් පිරිස් අදහස් පළ කිරීම නිසා එම පොත දරුවන්ගෙන් ඉවත් කිරීමට පියවර ගැනිණි.

(අරුණ)

පුවත්

පාරිභෝගික අධිකාරියෙන් පූජා නගරයේ විශේෂ මෙහෙයුමක්

Published

on

By

පොසොන් සමය නිමිති කොටගෙන අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට වෙළෙඳපොළේදී සිදුවන අසාධාරණ වැළැක්වීම සඳහා විශේෂ වැටලීම්, විමර්ශන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය සිකුරාදා දින සිට මෙම වැඩසටහන ක්‍රියාත්මකමක බව එම අධිකාරිය පවසයි.

එම වැඩසටහන මගින් මේ වනවිට වැටලීම් 37කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

මේ අතර මෙම වැඩසටහනට සමගාමීව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනුරාධපුර ප්‍රදේශයන්හි වෙළෙඳ ප්‍රජාවද දැනුවත් කිරීමද සිදුකර ඇත.

ඒ සඳහා විශේෂ කණ්ඩායම් ද යොදවා තිබේ.

මේ අතර වෙළෙඳපොළේ සිදුවන අසාධාරණයන් සම්බන්ධව ලැබෙන පැමිණිලි සඳහා අවශ්‍ය ක්ෂණික මැදිහත්වීම සිදුකිරීම වෙනුවෙන් ද නිලධාරීන් යොදවා ඇති බව වාර්තා වෙයි.

මෙම වැඩසටහන‍ෙපොසොන් කාල සීමාව අවසන් වෙන තෙක් ක්‍රියාත්මක කරනු ලබ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසයි.

Continue Reading

පුවත්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වැඩබලන අතිරේක ලේකම්වරයෙක්

Published

on

By

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබේ.

එලෙස පත් කර ඇත්තේ, දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර නිශාන් ධනසිංහ මහතාය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රක්ෂිත බන්ධනාගාරයට (UPDATE)

Published

on

By

අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා මේ මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහුව අද (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ මෙහාන් කරුණාරත්න මහතා පොලිස් බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.


(පෙර පුවත 2025 ජුනි 09, ප.ව.4:08)

බන්ධනාගාර  කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට අදාළවය.

අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීම සම්න්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් මතු වී තිබේ.

රුපියල් ලක්ෂ හතලිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අනුරාධපුර මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර සිටි මෙම විත්තිකරුට  එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කර තිබුණේ, පසුගිය ජූනි 05 වන දිනය.

එදින අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිත වාර්තාව මගින් මහාධිකරණයට දැනුම් දී ඇත්තේ අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවය.

සබැඳි පුවත්:

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved