පුවත්

පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මගී ප්‍රවාහනයට විශේෂ බස් රථ (UPDATE)

Published

on

පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගිලා බැසීමට ලක්වු ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් ද ගොස් තිබේ.

පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

ඒ මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දුම්රිය මාර්ගය ගිලා බැසීමකට ලක්වීම හේතුවෙනි.

මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.


(පෙර පුවත 2025 ජූනි 11 පෙ.ව.9.33 )

පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන්ය.

Trending

Exit mobile version