පුවත්

පේරේ 12කගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි!

Published

on

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පහරදීමට සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඊට සම්බන්ධ සිසුන් 12 දෙනෙකු හඳුනාගත් බව එම විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා පැවසුවේය.

එම සිසුන්ගේ ශිෂ්‍ය භාවය, විමර්ශනවලට යටත්ව අහෝසි කිරීමට පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

අදාළ සිද්ධියට සම්බන්ධ වූ බවට සැලකෙන තවත් සිසුන් හඳුනාගැනීම තවදුරටත් ක්‍රියාත්මකය.

Trending

Exit mobile version