Connect with us

පුවත්

පොඩි ලැසී හා සනුහරේ දේපල සොයන්නැයි උසාවි නියෝගයක්!

Published

on

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු වන ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී නමැත්තා සහ ඔහුගේ ඥාතීන් විසින් නීතිවිරෝධී ලෙස උපයාගෙන තිබෙන සියලු දේපළ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) නියෝග කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා එම නියෝග කළේය.

ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා තිබෙන පොඩි ලැසී නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, මනුෂ්‍ය ඝාතන සිද්ධීන්, කප්පම් ලබාගැනීමේ සිද්ධීන් ඇතුළු අපරාධ රැසක් සිදුකිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ රැස් කරගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන උධෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබුණි.

පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරු හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් කෝටි ගණනක මුදල් යොදවා නිවාස, සුඛෝපභෝගී වාහන ඇතුළු දේපළ රැසක් මිලදී ගෙන තිබෙන බවත්, ඔහුගේ ඥාතීන්ද නීතිවිරෝධීව උපයාගත් මුදලින් දේපළ රැසක් ලබාගෙන තිබෙන බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව පොඩි ලැසී සහ ඔහුගේ ඥාතීන් නීතිවිරෝධීව උපයාගෙන ඇති බවට සඳහන් සියලු දේපළ සම්බන්ධයෙන් අවශ්‍ය අධිකරණ නියෝග ලබාගෙන විමර්ශන කටයුතු සිදුකරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved