පුවත්

පොදු ගමනාගමන සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි!

Published

on

පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ගැසට් පත්‍රය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ පොදු ගමනාගමන සේවා මෙන්ම මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අදාළ ගැසට් පත්‍රය මගින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.

Trending

Exit mobile version