පුවත්

පොදු සමා කාලයේදී නාවිකයින් 1289 ක් බාර වෙයි

Published

on

2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් එක්දහස් දෙසිය පනස් හතර දෙනෙකු (1254) නාවික හමුදා කඳවුරු වෙතත්, විදේශ ගත නාවිකයින් තිස්පස් දෙනෙකු (35) මාර්ගගත ක්‍රමය ඔස්සේත් වශයෙන් නාවිකයින් 1,289ක් බාර වී ඇත.

පොදු සමා කාලසීමාව තුළදී නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි සහ දැනට විදේශගතව සිටින නාවිකයින් හට [සියළුම ශිල්පීය අංශ වලට අයත් නාවිකයින් (Artificers) සහ වෘත්තිමය වෛද්‍ය/ වෘත්තිමය දන්ත (Professional Medical/ Professional Dental) අංශයේ නාවිකයින් හැර] නැවත රපෝර්තු කිරීමකින් තොරව නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අවස්ථාව හිමි විය.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා කාලසීමාව තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් එක්දහස් දෙසිය පනස් හතර දෙනෙකු (1254) නාවික හමුදා කඳවුරු වෙතත් විදේශ ගත නාවිකයින් තිස්පස් දෙනෙකු (35) මාර්ගගත ක්‍රමය ඔස්සේත් වශයෙන් නාවිකයින් එක්දහස් දෙසිය අසූ නව දෙනෙකු (1289) බාර වී ඇති අතර, ඔවුන් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවති.

Trending

Exit mobile version