පුවත්

පොන්නාලේ නාවික සෙබළුන්ගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනයක්

Published

on

යාපනය වඩුක්කෝට්ටේ පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසළදී අඹුසැමි යුවළක් පැහැරගෙන ගිය අවස්ථාවේ නාවික හමුදා සෙබළුන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට නාවික හමුදාව තීරණය කර ඇති බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ එහිදී අදාළ නාවික හමුදා සෙබළුන් වැරදිකරුවන් වුවහොත් ගතහැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බවය.

වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දියේ පිහිටි නාවික හමුදා මුරපොළ අසලදී කිසියම් පිරිසක් අඹුසැමි යුවළකට අමානුෂික අයුරින් පහරදී පැහැරගැනීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය 11 වනදාය.

එලෙස පැහැරගැනීමෙන් පසුව පිරිමි පුද්ගලයා කපා කොටා ඝාතනය කර තිබුණි.

එදින පැහැරගැනීමේ සිදුවීම නාවික හමුදා මුරපොළ අසල CCTV කැමරාවක සටහන්ව තිබුණි.

Trending

Exit mobile version