Connect with us

පුවත්

පොරොන්දු දුන්නා, වැඩක් නෑ –  අගරදගුරුගෙන් මාලිමාවට චෝදනා (වීඩියෝ)

Published

on

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින්, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් දුන් පොරොන්දු තවමත් ඉටු වී නොමැති බවත්, ඒ සඳහා මූලික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පවා නොහැකි වීම ගැන බලවත් කණගාටුවක් ඇති බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කළහ.

දේව මෙහෙයකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

“වසර හයකට පෙර සිදු වූ මෙම භයානක ප්‍රහාරය පිළිබඳ බොහෝ කතාබහ කළද, එහි පිටුපස ක්‍රියාත්මක වූ කණ්ඩායම හඳුනා ගැනීමට තවමත් අපට නොහැකි වී ඇත. බොහෝ උත්සාහයන් තිබුණත්, වසර හයක කාලයක් තිස්සේ මෙම විමර්ශනය ඉදිරියට ගෙන යාමට නොහැකි වීම, ඒ මිනිසුන්ගේ ජීවිතවලට අගෞරවයක් කිරීමකි,” යැයි උන්වහන්සේ සඳහන් කළහ.

අධිපති කොමිසන් සභා වාර්තාවේ පළමු වෙළුමේ ඇතුළත් නිර්දේශ 200කට අධික ප්‍රමාණයක් තිබුණත්, ඒවා ක්‍රියාත්මක කිරීමට කිසිදු දේශපාලන නායකයෙක් හෝ පක්ෂයක් මේ වන තෙක් කටයුතු කර නොමැති බවත්, ඒ සඳහා නිසි යාන්ත්‍රණයක් ආරම්භ කිරීමටද අපොහොසත් වී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

“විශේෂයෙන්, මෙම ව්‍යසනය ගැන ඉදිරියෙන් දැන සිටි බවටත්, එය වැලැක්වීමට නිල බලයෙන් වගකීමක් තිබූ බවටත්, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් හිටපු ජනාධිපතිවරයකු, අගමැතිවරයකු, පොලිසියේ හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවේ නිර්දේශ ඇතත්, නීතිපති දෙපාර්තමේන්තුව හෝ එම ආයතන මගින් කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව බලවත් කණගාටුවෙන් සඳහන් කළ යුතුය,”

“නීතිපති දෙපාර්තමේන්තුව මේ දක්වා මේ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ලැජ්ජා සහගත ය,” යැයි උන්වහන්සේ අවධාරණය කළහ. “ඇතැම් දේශපාලන නායකයන්ගේ බලපෑම් හමුවේ, රජයේ ඉහළ යැයි කියන ආයතනවල හා නිලධාරීන්ගේ හැසිරීම අපට පෙනෙන්නට තිබේ,”

පසුගිය මැතිවරණ සමයේදී, රජය විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට විමර්ශනවලට මගපෙන්වීමට, ඒවාට සහාය වීමට, සහ නඩු කටයුතු පවත්වාගෙන යාමට බලතල ඇති විශේෂ අභිචෝදකවරයකු සහ කාර්යාලයක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබා දී තිබුණත්, එය මේ දක්වා ඉටු වී නොමැති බව කණගාටුවෙන් සඳහන් කළ යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

“ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින්, පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් අපට දුන් පොරොන්දු තවමත් ඉටු වී නොමැතිවීමත්, ඒ සඳහා මූලික වැඩපිළිවෙළක්වත් ආරම්භ කිරීමට නොහැකි වීමත් අපව සසල කරන බව කිව යුතුය,” යැයි අගරදගුරුතුමන් අවධාරණය කළහ.

වීඩියෝ – C Top News

පුවත්

ජනපති අනුර – ජර්මානු ආර්ථික සහයෝගීතා හා සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වීය. 

ගෝලීය නව ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර දෙරටෙහි ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ වූ  දීර්ඝ ඉතිහාසය සහිපත් කළ ජනාධිපතිවරයා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (Ceylon German Technical Training Institute (CGTTI) ) වැනි වෘත්තීය පුහුණු ආයතන වෙනුවෙන් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනිය දැක් වූ දායකත්වය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය. එම දායකත්වය හා උනන්දුව අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සලසන තත්ත්වයක් කරා වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ඊශ්‍රායලයේ හා ඉරානයේ සිටින ලාංකිකයන්ට නිවේදනයක්

Published

on

By

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ “ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටීයි. දෙරට අතර කටයුතු සාමකාමීව සිදු කරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් අපි ඉල්ලා සිටින්නෙමු,” ලෙසයි.

දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ද කටයුතු කරන බවද එහි දැක්වේ.

ඔවුන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් දූත මණ්ඩල මඟින් උපදෙස් ලබා දී ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Continue Reading

පුවත්

කාලගුණයෙන් රතු නිවේදනයක්

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

හලවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.

අද (13) සවස 2.30ට නිකුත් කර ඇති මෙම රතු නිවේදනය හෙට (14) 2.30 දක්වා වලංගු වේ.

ඉහත ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසත් එම ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී 60 -70 පමණ දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

මේ අතර ඉහත මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved