Connect with us

පුවත්

“පොල්කිරි සහ සම්බෝල කෑමෙන් ජනතාව පොල් නාස්ති කරනවා”

Published

on

ගෘහස්ථ වශයෙන් පොල් පරිභෝජනය කිරීමේදී පොල්කිරි සහ සම්බෝල වශයෙන් පාවිච්චි කිරීම නිසා පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වසරේ පළමු මාස හතර සඳහා පොල්ගෙඩි මිලයන 200ක් පිටරටින් ආනයනය කිරීමට පොල් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය රජයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ඉල්ලීමක් කරලා තියෙන්නෙ අපනයනකරුවන් සඳහා විශේෂයෙන්ම මේ පොල් මද සහ කිරි ගෙන්වීමට ඉඩ ලබාදෙන ලෙසත් පොල්තෙල් කර්මාන්තය සඳහා වේලන ලද මද ගෙනත් දෙන ලෙසත් ඉල්ලීමක් කරලා තියෙන්නෙ. ඉතින් සාධනීය තැනක නව රජයත් එකඟතාවයක ඉන්නවා මේ මොහොතේ කළ යුතු දේ මෙය බවට. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකා සකස් කරමින් සිටිනවා. ඉදිරියේදී කැබිනට් තීරණයක් ලබාගැනීම සඳහා. අපි ඇත්තටම ගෙදර පොල් පරිභෝජනයේදී ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක තමයි ඉන්නෙ. මොකද අපි පොල්කිරි විදියට පාවිච්චි කරනවා, සම්බෝල විදියට පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලි දෙකේම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යනවා. ඒ වගේම පොල් වතුර සහ පොල් කට්ට කියන දෙකත් ඩොලර්, ඒ දෙකත් අපතේ යනවා. පොල්කිරි වෙනුවට අපට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුඛත්වයක් දීලා අපට විකල්පයක් ලෙස භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපට අපනයනය කිරීම සඳහා රටට ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා”

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved