Connect with us

පුවත්

පොල් ගෙඩිය 300ය දක්වා ඉහලට?

Published

on

පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය සඳහා අවම වශයෙන් පොල් මිලියන 100 ක් වත් කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත්, කර්මාන්තකරුවන් වැඩි මිලට හෝ පොල් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා වෙළෙඳ පොළේ පොල් ගෙඩියක් රුපියල් 250 ත් 300 ත් අතර මිලක් දක්වා ඉහළ යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා කීය.

කර්මාන්ත අංශය සඳහා පොල් ගෙඩි මිලියන 100 ක පොල් කිරි, ශීත කළ පොල් මද හෝ කැබලි කරන ලද වියළි පොල් කඩිනමින් ආනයනය කළයුතු බවට රජයට දැනුම්දී ඇතැයිද, රජයෙන් ඊට ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවද සභාපතිවරයා පැවසීය.

කැබලි කරන ලද වියළි පොල් යොදාගෙන පොල් තෙල් නිෂ්පාදනය සඳහා යොදාගත හැකි බවද ඔහු කීවේය.

පොල් පර්යේෂණායතනයේ දත්තවලට අනුව ඉකුත් 2021 වසරේ සිට ඉකුත් වසර (2024) දක්වා වූ කාලය තුලදී මෙරට පොල් අස්වැන්නේ අඩුවීම ගෙඩි මිලියන 700 කට වැඩි බවත්, දැනටත් පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇතැයිද ඔහු කීවේය.

කෙසේවුවද, මෙරටට පොල් ගෙන්වීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් පැවැති විවාදයේදී ඔහු මේ බව කීය.

ඒ මහතා මෙසේද පැවසීය.

‘‘මිලියන අටසියයක් වූ පොල් නිෂ්පාදනය විශාල වශයෙන් අඩු වෙලා තිබෙනවා. මේ නිසා පොල් අපනයනකරුවන්ට ඔවුන්ගේ අපනයන කටයුතු කරගන්න බැරිවී තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ අපනයන ක්‍රියාවලියට ගැටලු ඇති වෙලා. ඒ නිසා පොල් කිරි, මද සහ පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනෙන්න ඔවුන් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිනවා. එහෙම නැතිව පොල් ගෙන්වන්න කිසිම තීරණයක් අරගෙන නෑ.’’

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved