පුවත්

පොල් මිල ගැන ඇමති කියයි

Published

on

රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත තදාසන්න ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබේ.

අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වම්න් අමාත්‍යවරයා කියා සිටියේ, ඒ අනුව එක පොල්ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බවය.

එමෙන්ම රජයට අයිති වතුවල තිබෙන පොල් නිෂ්පාදන මෙලෙස අඩු මිලට අලෙවි කිරීමට නියමිත බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version