Connect with us

පුවත්

පොල් වගාව දියුණු කරන්න මෙවර අයවැයෙන් මුල්‍ය ආධාර

Published

on

පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම හේතුවෙන් පොල් හිඟය නිර්මාණය වී ඇතිබව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

වත්මන් රජය පොල් වගාව දියුණු කිරීම සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කරන බවත් එතෙක් කෙටිකාලීන වැඩ පිළිවෙල කිහිපයක් අනුගමනය කරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය. එසේම මෙවර අයවැය මගින් පොල් වගාව දියුණු කිරීම සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පොල් හිඟය ඉදිරියේදී ඇති නොවීම සදහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති පොල් වගාවට සම්බන්ධ ආයතන මගින් ඉහළ පොල් ඵලදාවක් සඳහා වන පරීක්ෂණ, දේශීය පොල් නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය කෘෂි පිළිවෙත් හා ඉහළ අස්වනු විභවයන් සහිත පොල් ප්‍රභේද හදන්වාදීම, පොල් වගාවේ රෝග හා පළිබෝධ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ නිර්දේශ ලබාදීම, පොල් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කිරීම ආදී ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අගමැතිනිය සඳහන් කළාය.

පුවත්

සල්ලි දීලා ගත් කසිප්පු බාලයි කියා පොලිසියට පැමිණිලි කරයි

Published

on

By

ගාල්ල, මිලිද්දුව ප්‍රදේශයේ පුද්ගලයකු තමා මිලදීගත් කසිප්පු හොඳ නැති බවත් ඒවාට යමක් කවලම් කර ඇති බවත් පවසමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දුරකථන ඇමතුමක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව අධිකරණයේ පෙනී සිටීම සඳහා දිනයක් ලබාදී පොලිස් ඇප මත මුදාහැර ඇත.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙන් ලද පැමිණිල්ල අනුව ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් කසිප්පු සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

කටුනායක වෙඩිතැබීමක්

Published

on

By

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අද (06) උදෑසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ.

කිසියම් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාළ ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත.

එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ සැකකරුගේ දණ හිසෙන් පහළට වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා සීදූව විජයකුමාරතුංග රෝහල වෙත ඇතුළත් කර ඇත.

සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

අගමැතිනියට එරෙහිව පැමිණිලි පිට පැමිණිලි (වීඩියෝ)

Published

on

By

නිහඩ කාලසීමාවේදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන ලෙසට අගමැතීනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජන බලවේගය විසින්  මැතිවරණ කොමිසම හමුවේ පැමිණිලිලක් සිදුකර තිබේ.

පුංචි ජන්දයට සමගාමීව 03 දින මධ්‍යම රාත්‍රියේ පටන් ක්‍රියාත්මක වන පරිදි සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම් වූ අතර එම නීති මාලාවට ගරුකරමින් සියලුම දෙනා එම පිළිවෙල අනුගමනය කරන කාල සීමාවක රටේ වගකිවයුතු තනතුරක් දරන අගමැති හරිනි අමරසූරිය මහත්මිය සිදු කළ ප්‍රකාශය මේ දිනවල බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක්විය.

පසුගිය දා පැවති රැළියක් අමතමින් ඇය කියා සිටියේ අපි නිහඬ වුණාට ඔයගොල්ලන්ට පුළුවන් දුරකථනයෙන් කෝල් එකක් දීලා මැසේජ් එකක් දාලා ශේප් එකේ වැඩේ කරගෙන යන්න වැනි අදහසකි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු නවත්වන්න කියූ කාල සීමාවක මේ ආකාරයෙන් රටේ අගමැතිනිය අදහස් දැක්වීමට එරෙහිව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී
මුජිබර් රහුමාන් මහතා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මේ හරහා ආණ්ඩුවේ සියලුම නාමයෝජනා අවලංගු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බවකි.

මේ අතර අගමැතිනියගේ ප්‍රකාශය නීති විරෝධී බවට පැෆ්රල් සංවිධානය විසින් ද මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.

එම නිවේදනය,

වීඩියෝ  – VoiceTube

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved