Connect with us

පුවත්

පොල් වෙන්දේසි කරන ඔන්ලයින් ක්‍රමය කොට උඩ!

Published

on

පොල් වෙන්දේසිය සදහා අන්තර්ජාලයේ මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) මගින් ලංසු තැබීමට පරිගණක මෘදුකාංගයක් සකස් කළද මේ වන විට එය අක්‍රීය තත්ත්වයේ පවතින බව හෙළිවී තිබේ.

මේ බව හෙළිදරව් වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023 ජූලි 06දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී වන අතර, මෙම රැස්වීමට මෙරට පොල් වගාව සහ කර්මාන්තය ආශ්‍රිත ප්‍රධාන ආයතන ත්‍රිත්වය වන පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ මණ්ඩලය යන ආයතන කැඳවා තිබිණි.

වඩාත් විනිවිදබවකින් යුතුව ‍වෙන්දේසිය සිදු කිරීමේ හැකියාව මෙම මාර්ගගත ක්‍රමයෙන් ලැබෙන බවත් පොල් වෙන්දේසියේ පවතින මෙරට පවතින කිහිපදෙනෙකුගේ ඒකාධිකාරිය වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රමය හදුන්වා දුන් බවද මෙහිදී හෙළි විය. 

තැරැව්කරුවන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාව මත අධිකාරියේ ඇතැම් නිලධාරීන් හවුල්වීමෙන් මෙම ඔන්ලයින් ඩිජිටල් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අකමැත්ත පළ කරන බවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව වඩාත් විනිවිද බවකින් යුතුව මෙම වෙන්දේසිය සිදු කිරීම සදහා  මෙම ඔන්ලයින් ක්‍රමවේදය නැවත ඇති කිරීමට මාස තුනක් ඇතුළත කටයුතු කරන ලෙස නියෝග කරන ලදී.

ඩිජිටල් දැන්වීම් පුවරුවක් හදන්න ගිවිසුමක් නැතිව මිලියනක අන්තිකාරම් ගෙවලා!

පොල් සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඩිජිටල් එළිමහන් වෙළද දැන්වීම් පුවරුවක් ඉදිකිරීමට රු. මිලියන 5කට ආසන්න කොන්ත්‍රාත්වකු යටතේ පෞද්ගලික ආයතනයකට 2021 වසරේ ගිවිසුමක් තොරව පැවරීම සිදුකර තිබිණි. 

මින් අන්තිකාරම් මුදලක් ලෙස රු. මිලියනකට ආසන්න මුදලක් ලබා දී ඇති බවත් යම් බලපෑමක් මත ගෙවීම සිදුකළ බවත් මෙහිදී මූල්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය. මේ අනුව සති දෙකක් තුළ මේ පිළිබද පුළුල් විමර්ශනයක් සිදු කර වගකියවයුත්තන් හෙළි කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි. මීට අමතරව විගණකාධිපතිවරයා විසින්  වෙනම විමර්ශනයක් සිදුකිරීමට ද මෙහිදී තීරණය විය.

සම්මුඛ පරීක්ෂණවල නොසිටි 6ක් සේවයට!

තවද, පොල් වගාකිරීමේ මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ සදහා ක්‍රමවත් පරිදි  පෙනී නොසිටි පුද්ගලයන් 6 දෙනෙකු හිටපු සභාපතිවරයා විසින් හිතුමතේ සේවයට බදවා ගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. 

මේ පිළිබදව දැඩි අප්‍රසාදය පළ කළ කමිටුව සති දෙකක් තුළ විධිමත් වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී.  

එසේම මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ජනාධිපති ලේකම්වරයාට ද දන්වා සිටීමට ද තීරණය විය. 

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved