පුවත්

පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සාමාන්‍යධිකාරී අත්අඩංගුවට

Published

on

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් හත්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධව එම මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත.

කේ.ඩී. ලයනල් ධර්මසිරි (64) නමැති දෙල්ගොඩ, උඩුපිල පදිංචි අයකු මෙම චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබේ.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් නොකපා හැර මුදල් වංචා කිරීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන අරඹා තිබේ

Trending

Exit mobile version