Connect with us

පුවත්

පොල් හිඟය අවසන් වන්නේ කවදාද?

Published

on

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවය.

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බව ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කලේය

“2023 වර්ෂයේ මුළු පොල් අස්වැන්න ගෙඩි මිලෙන් 1944ක් ලැබිලා තියෙනවා. මේ අවුරුදදේ අපේ පුරෝකථනවලට අනුව අපිට ලැබනේනේ ගෙඩි මිලෙන් 2683ක් වගේ ප්‍රමාණයක්. අපි පළමුවෙනි මුර තුන ගත්තොත් ගිය අවුරුද්දේ ගෙඩි මිලෙන් 1597ක් වගේ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ් ප්‍රමාණය පළමු මුර තුනට 1423ක් වගේ ප්‍රමාණයක්. ඒ අනුව යම්කිසි අඩුවීමක් පළමු මුර තුනේදී දක්නට ලැබෙනවා. පොල් වගා කරන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම අඩු වර්ෂාපතනයක් පැවතීම සහ වැඩි උෂ්ණත්වයක් පැවතීම යන කාරණා දෙක නිසා තමයි මේ අවුරුද්දේ පොල් අස්වැන්නට ප්‍රධාන වශයෙන් අඩු වීමක් තියෙනවා. ලබන වසරේ අප්‍රේල් දක්වා අපි බලාපොරොත්තු වෙනවාට වඩා අඩු අඅස්වැන්නක් තමා ලැබනේනේ.”

“පොල් සංවර්ධන අධිකාරිය මඟින් යෝජනා කරලා තියෙනවා, කොළඹ පොල් ඔප්ෂන් ඒක හරහා යම් ප්‍රමාණයක් අලෙවිය සිදුවන බව. පොල් වෙන්දේසියේ රු 100කට පවත්වාගෙන යන්න කියලා සංවර්ධන අධිකාරියට යෝජනා කරලා තියෙනවා. අපි යෝජනා කරලා තියෙනවා අපනයනය සඳහා අවශ්‍ය පොල් මද ගෙන්වීමට නමුත් ඒ සඳහා තවම අවසර ලැබිලා නෑ.”

රට තුළ පවතින පොල් හිඟය පාලනය කිරීම සඳහා අපනයන අරමුණු කරගනිමින් පොල් මද ආනයනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත් කර ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කලේය.

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading

පුවත්

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Published

on

By

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව අද දින (30) ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

Continue Reading

පුවත්

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය ක්‍රමයක්

Published

on

By

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක් ටොන් 25කට යටත්වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිති ය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ මෙම ණය ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බවය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 07%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන තිබේ.

• ලංකා බැංකුව
• මහජන බැංකුව
• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
• හැටන් නැෂනල් බැංකුව
• සෙලාන් බැංකුව
• සම්පත් බැංකුව
• කොමර්ෂල් බැංකුව
• ඩී.එෆ්.සී.සී බැංකුව
• ජාතික සංවර්ධන බැංකුව
• නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
• සණස සංවර්ධන බැංකුව
• අමානා බැංකුව
• කාගීල්ස් බැංකුව
• පෑන් එෂියා බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් පමණ වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණයයෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව, පසුගිය 2024/25 මහ කන්නයේදී මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 6,850ක පමණ ණය අරමුදල් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ලබාදෙන දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved