පුවත්

පොලිස්පතිගේ සේවය දිගුකර ගැසට්ටුවක්!

Published

on

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සඳහා මාර්තු මස 26 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව පසුගිය මාර්තු මස 25 වනිදා විශ්‍රාම ගැනීමට නියමිතව සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මහතාගේ ධුර කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

පොලිස්පතිවරයාගේ සේවා දිගුව අනුමත කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අප්‍රේල් 1 වැනිදා කථානායක නිල නිවසේදී රැස්විය.

සේවා දිගුවක් ලද පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා තවත් මාස තුනකින් විශ්‍රාම යාමෙන් අනතුරුව නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පත්වීමට නියමිතව ඇත.

සබැඳි පුවත්
පොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාව හා කියයි! 

Trending

Exit mobile version