පුවත්

පොලිස්පතිට මාස 3ක සේවා දිගුවක්!

Published

on

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ පැවති අර්බුදය නිමා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි ‘ද ලීඩර්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ පැවති විශේෂ සාකච්ජාවක දී ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන ඇතැයි ද වාර්තා වන බවත්, ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති චන්දන වික්‍රමරත්න හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහභාගී වී ඇති බවත් එහි දැක්වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් හට ඉන් අනතුරුව පොලිස්පති ධුරය ලබාදෙන බවට පොරොන්දු වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසන බවද ‘ද ලීඩර්’ වැඩිදුරටත් වාර්තා කරයි.

Trending

Exit mobile version