Connect with us

පුවත්

පොලිස්පති අද යයි?

Published

on

පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා සී. ඩී. වික්‍රරමරත්න මහතාට දෙවැනි වරට ලබා දී තිබු මාස 3 ක  කාලය අද (09) දිනෙන් අවසන් වන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගිය ජුනි මස 09 වැනිදා සිට බැලපැවැත්වෙන පිරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සේවා දිගුව ලබා දී තිබුණි.

ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 25 වැනි දින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට  මාස 3 ක සේවා දිගුවක් ලබා දී තිබුණි.

පළමු සේවා දිගුව අවසන් වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සදහා ලබා දී තිබුණි.

පොලිස්පතිවරයාගේ සේවා ධුරය අවසන් වීම නිසා පොලිස්පති ධුරය සදහා වෙනත් නිලධාරියකු පත්කරන්නේ ද  නැතහොත් සී. ඩී. වික්‍රමරත්න මහතාට  නැවත වරක් සේවාදිගුවක් ලබා දෙන්නේ ද යන්න මෙතෙත් තීරණයක් ගෙන නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved