පුවත්

පොලිස්පති අවුල ලිහන්න ජනපති හමුවක් කැඳවයි

Published

on

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර  තිබෙන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් සිටී.

පොලිස් පති ධුරය  සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව කථානායකවරයාත්, අග්‍ර විනිශ්චකාරවරයාත් විසැඳුමකට පැමිණිය යුතු බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වුවද මේ ගැන  ඉදිරියේදී ගන්නා පියවර සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට පැමිණි වහාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  විශේෂ හමුවක් පවත්වනවා ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.

Trending

Exit mobile version