පුවත්

පොලිස්පති ගැන තීන්දුවක් ඉක්මනින්ම-අගමැති

Published

on

ඉතාමත් ඉක්මණින් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව රජය පවසයි.

පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ විමසීමකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව පැවසීය.

“ජනාධිපතිතුමා පත්කිරීම ඉතා ඉක්මනින්ම කරාවි.කලබලයක් නැහැ. පොලිසියේ  සේවාව සාමාන්‍ය පරිදි කරගෙන යනවා. දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරුන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා.”

 පොලිස්පති ධුරය ට අදාළ පත්කිරීම සම්බන්ධ තීරණයක් ඇතැම්විට පැය 48කටත් පෙර ජනාධිපතිවරයා විසින් ගැනීමට ඉඩ ඇති බවද ඔහු කීය.

Trending

Exit mobile version