පුවත්

පොලිස්පති සහන මැදිරියට පළමු පැමිණිල්ල පොලිසියේම කල්ලියක් ගැන

Published

on

කොවිඩ් හේතුවෙන් වසර හතරක කාලයක් අවලංගු කර තිබූ පොලිස්පතිවරයාට මහජන ගැටලු ඍජුවම ඉදිරිපත් කළ හැකි පොලිස්පති සහන මැදිරියට ඉදිරිපත්ව ඇති පළමු පැමිණිල්ල රත්නපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගෙන් සැදුම් ලත් පොලිස් නිලධාරීන් 28 දෙනෙක් (28 කල්ලිය) සම්බන්ධයෙන් බව වාර්තා වේ. 

රත්නපුර උඩනිරිඇල්ල, ගිරිපානගම පදිංචි ජී.ජී.කේ නිහාල් නමැති අයකු විසින් මේ පැමිණිල්ල කර ඇතැයි ද පැවසේ.

රත්නපුර කොට්ඨාසයේ වසර 18 කාලයක් අඛණ්ඩව රැඳී සිටිමින් ඉහළ තනතුරක් දැරූ පොලිස් නිලධාරියකුගෙන් හා දූෂිත නිලධාරින් 27 දෙනකුගෙන් සැදුම් කල්ලියක් සම්බන්ධයෙන් සහ සබරගමුව පළාතේ ඉහළ නිලධාරියකු විසින් රුපියල් එක් ලක්ෂ හැට දහසක මුදලක් ලබාගෙන සිදුකළ බව කියන දූෂිත ක්‍රියාවක් සම්බන්ධයෙන් මේ පැමිණිල්ල කර ඇති බව වාර්තා වේ.

පොලිසියේ උණත් දූෂිතයන්ට මම ඉන්න දෙන්නේ නැහැ. මේ ගැන ගොඩක් පැමිණිලි කරලත් නිසි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ නිසා මෙම පැමිණිල්ල මම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාරදෙනවා. ඒ අනුව කරන ලද විමර්ශනය සමග කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා යැයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැමිණිලිකරු හමුවේ සඳහන් කරමින් අදාළ විමර්ශනය කඩිනමින් අරඹන්නැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර ඇති බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.

Trending

Exit mobile version