පුවත්

පොලිස් අත්අඩංගුවේදී 20ක් මැරිලා; HRCSL වෙතින් පොලිසියට අලුත් උපදෙස්

Published

on

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.  

මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ යාම සලකා බලා එම පියවර ගත් බව එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේය.

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති බව ඔහු පැවසුවේ ය.

නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ලබන මස 11 වැනිදා ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව එම මාර්ගෝපදේශ එළිදක්වන බවයි.

Trending

Exit mobile version